1957 සිට 2019 දක්වා ලංගම ප්‍රගමනය

1975 වර්ෂයේ අංක 48 දරණ මෝටර් ගමනා ගමන පනත යටතේ එවකට පැවති බස් සමාගම් ජන සතු කරමින් 1958 වර්ෂයේ ජනවාරි පළමු දින ලංකා ගමනා ගමන මණ්ඩලය පිහිටු විය.

                                                                                                                වසර 20 ක් පමණ මර්‍ග ප්‍රවාහන ක්‍ෂත්‍රයේ ඒකාධිකාරිය ලංකා ගමනා ගමන මණ්ඩලය සතු වු අතර ආයතනය ක්‍රමයෙන් විශාල වන විට පරිපාලන ව්‍යුහය වෙනස් කිරිමේ අරමුණින් පරිපාලන පහසුව සදහා 1978 අංක 19 දරණ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල පනත මගින් ප්‍රාදේශිය ගමනා ගමන මණ්ඩල 10 ක් ඇති කොට ඒවා ශ්‍රී ලංකා මධ්‍යම මණ්ඩලය යටතට ගැනිනි....

                             1987 අංක 23 දරණ රාජ්‍ය සංස්ථා  හෝ ආණ්ඩුවට අයත් ව්‍යාපාරීක ආයතන පොදු සමාගම් බවට පරිවර්ථනය කිරිමේ පනත යටතේ 2 වන වගන්තිය ප්‍රකාරව ඇතැම් ප්‍රාදේශිය ගමනා ගමන මණ්ඩලය ජනතා සන්තක සමාගම් බවට පත් කරන ලදී.මෙම සමාගම් අවිධිමත් පාලනයට තතු වීමෙන් අපේකෂිත සේවාවක් මර්‍ගන්ට ලබා දීමට නොහැකි විය.එහි ප්‍රතිඵලයක් වශයෙන් ජාතික කොමිෂන් සභා පනත නැවත 1996 අංක 30 දරණ ජාතික ගමනා ගමන කොමිෂන් සභා (සංශෝධන) පනත මගින් සංශෝධනය කර බස් සමාගම් 11ක් යටතට ගෙන ඇත.
                                             
                                               පසුව පෞද්ගලික අංශය වර්ධනයත් සමග පොකුරු බස් සමාගම්හි මර්‍ග ප්‍රවාහනයට ලැබුණු දායකත්වය හා එහි ගුණාත්මක බව සීඝ්‍ර‍ෙයන් පහළ බැසීමත් හේතු කොට ගෙන 2005 අංක 27 දරණ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පිහිටුවන ලදී.



Post a Comment

0 Comments