History

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඓතිහාසික ගමන් මග....↡↡↡


                  1907 වසරේ ශ්‍රී ලංකාවෙි මගි ගමනා ගමන බස් රථ සේවාව ආරම්භ වුයේ හලාවත සිට කොළඹ දක්වා පෞද්ගලික බස්රථක් ධාවනය කරමිනි.එදා සිට 1958 දක්වා මගි ගමනා ගමන සිදුවුයේ පෞද්ගලික බස්රථ සමාගම් තුලිනි.1957 අංක 48 දරණ ගමනා ගමන මණ්ඩල අඥා පනත සම්මතවිම හරහා 1958 ජනවාරි 01 වන දින දිවංගත අග්‍රාමාත්‍ය ගරු එස්.ඩබ්.ආර්.ඩි.බණ්ඩාරනායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍ය ගරු මෛත්‍රීපාල සේනානායක ඇමතිතුමාගේ සහභාගිත්වයෙන් ගාලු මුවදොර පැවති විශේෂ උත්සවයකදි අංක 22 ශ්‍රී 1087 දරණ බස් රථයට ගරු ඇමතිතුමන් ගොඩවි ප්‍රවෙිශ පත්‍රයක් මිළදිගෙන ගමන් කිරිමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවනය ආරම්භ කරන ලදි.

                                                                                              මෙසේ ඇරඹි ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රථම සභාපතිවරයා වුයේ එච්.ඒ.වි.ද මෙල් මහතායි.එතැන් සිට මෙතෙක් තිබු පෞද්ගලික ඒකාධිකාරිය බිද වැටි රජය එම තැන අත්පත් කර ගනිමින් රාජ්‍ය මාර්ගස්ථ මගි ප්‍රවාහන සේවය ආරම්භ විය.දුෂ්කර ග්‍රාමිය ප්‍රදේශ වලට ප්‍රවාහන සේවා සැපයිම,පැසැල් ශිෂ්‍යයින්ට සහනදායි ගාස්තු මත ගමන් කිරිමේ අවස්ථා හිමිවිම වැනි කරුණු හරහා එහි සේවාව මහජනයා වෙත වඩාත් සමිප විය.මෙම ගමන් මගෙහි 19 වැනි සැතපුම් කණුව වෙත ළග වන විට එනම් 1977 වන විට ලංගමය ස්වාර්ණමය යුගයෙහි පසුවිය.එකල සභාපතිත්වය දැරුවේ අනිල් මුණසිංහ මහතා විසිනි.මෙකල ලංගම සිය ජාතික මෙහෙවර විවිධ අංශ හරහා ව්‍යාප්ත කර තිබුණි.
                                                                                                                                              එනම් වෙිරහැර මධ්‍යම වැඩපළ ඉදිකිරිම,ගිංතොට,උඩුබද්දාව,කැප්පෙට්පොල,කුරුණැගල,ගාල්ල,මහනුවර,ඒකල ප්‍රාදේශීය වැඩපල ඉදිකිරිම,මොරටුව බස් රථ නඩත්තු මධ්‍යස්ථානය ආරම්භ කිරිම,සංචාරක බංගලා ඉදිකිරිම,අලුතින් ඩිපෝ ආරම්භ කිරිම,රියදුරු පුහුණු පාසැල් ඇරඹිම,තැපැල් සේවා ක්‍රියාත්මක කිරිම,ගරුතර භික්ෂුන් වහන්සේලා සදහා කුපන් ක්‍රමයක් මගින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම,ටිකට් යන්ත්‍ර අලුත්වැඩියා මධ්‍යස්ථානයක් ඇරඹිම,කළමණාකරණ පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹිම හා සමස්ත කාර්ය මණ්ඩලය සදහා වෛද්‍ය මධ්‍යස්ථාන ඇරඹිම ආදිය මේ අතුරින් කැපි පෙනෙන සාධක ලෙය දැක්විය හැක.
                                                                                                                                      1978 වර්ෂයේ දි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය,මධ්‍යම ගමනා ගමන මණ්ඩලය ලෙසට හා ප්‍රාදේශිය  ගමනා ගමන මණ්ඩල 09ට කොටස් කර විමධ්‍යගත කරන ලදි.මෙම වසරේදිම මෙතෙක් පැවති රජයේ ඒකාධිකාරිය බිද දමමින් පෞද්ගලික අංශයට මාර්ගස්ථ මගි ප්‍රවාහනයේ යෙදිමට අවසරය ලැබුණි.

                                                                              1987 අංක 23 දරණ පනතට අනුව 1990 දෙසැම්බර් 18 දින බස් ඩිපෝ වෙන වෙනම පාලනය වන සමාගමක් ලෙසට විමධ්‍යගත කර ජනතාසන්තක බස් සමාගම් බිහිවිය.මිගමුව රත්මලාන සහ මහනුවර දකුණ ඩිපෝවන් ආරම්භක ජනතාසන්තක සමාගම් විය.
                                           ඉන් පසු ජාතික ගමනා ගමනය කොමිෂන් සභා පනත 1996 අංක 30 දරණ සංශෝධන පනත මගින් සංශෝධනය කර ජනතා සන්තක බස් සමාගම් පොකුරු බස් සමාගම් බවට පත් විය.ඉන් පසු 2005 අංක 27 දරණ පනත මගින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල පනත බිහි විය.ඒ තුළින් නැවත මධ්‍යගත පාලනයට අනුගත විය.ඉන් පසු නැවතත් ශ්‍රී ලංගම සභාපතිවරයෙකු සහිත අධ්‍යක්ෂ මගින් පාලනය විම ඇරඹුනි.
              මෙසේ නව ජිවයක් ලැබු ශ්‍රී ලංගම නව බස් රථ 2000 ක් මිළදි ගෙන ධාවනයට එකතු කිරිමත් ධාවනයෙන් ඉවත් වි ඇති බස් රථ වලට නව එන්ජින් 270 ක් සවිකර ධාවනයට එකතු කිරිම මස්සේ රථ ඇණිය පුලුල් කරන ලදි.
                          කාර්යාල සේවක ගමන් පහසුව සදහා දුම්රිය ස්ථානයේ සිට රජයේ කාර්යාල ආවරණය වන පරිදි නව ගමනාන්ත සහිතව ගමන් වාර ආරම්භ කිරිම සිසු සැරිය ව්‍යාපෟතිය යටතේ පාසල් සේවා බස් රථද අඛණ්ඩව ධාවනයට එක් කිරිම,ලංගම ඩිපෝ අතරින් වඩාත් කාර්්‍යක්ෂමකාවයක් පෙන්නුම් කරන ඩිපෝ තෝරාගෙන ආදර්ශ ඩිපෝ වශයෙන් නව ව්‍යාපෘතින් ආරම්භ කිරිම් හරහා කාළසටහන් අවශ්‍යතාවය සපුරා ගැනිමට කටයුතු කිරිම මෑත අවධියේ ගත් පියවරක් වෙයි.අක්‍රමවත්ව පැවති අලුතින් බදවා ගැනිම් විධිමත්ව විනිවිදභාවයෙන් යුක්තව සිදුකිරිමට පියවර ගැනිම සදහා ලිිිිඛිත හා වාචික පරික්ෂණ වලින් පසුව උපාධිධාරින් 110 දෙනෙකු 2008 නොවැම්බර් 16 දින බදවා ගැනිමට කටයුතු කර ඇත.මිට අමතරව අම්පාර ප්‍රදේශයේ පිහිටි ටයර් නැවත පිරවිමෙි කම්හල නවිකරණය කර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරිම කැපි පෙනේ.තොරතුරු තාක්ෂණයේ අවශ්‍යතාවය මත නව තොරතුරු තාක්ෂණ ඒකකයක් ශ්‍රී ලංගමය තුළ පිහිටුවිම,කොළඹ පිටකොටුව මධ්‍යම බස් රථ කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරිමෙි කටයුතු ඇරඹිම,නව ආරක්ෂක බලකායක් ශ්‍රී ලංගම තුල ස්ථාපිත කිරිම හා පෞද්ගලික බස් රථ හා ශ්‍රී ලංගම බස් රථ එකාබද්ධ කාලසටහන් ක්‍රමයක් යටතේ ධාවනය කිරිමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරිම සුවිශේෂි පියවරක් වෙයි.
                                                                                                 මෙවැනි සුභවාදි නව ප්‍රෙවිශයක් තුළින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ලාංකික මගි ජනයා වෙත වඩා ගුණාත්මක සේවාවක් ලබා දිමෙි අරමුණ පෙරදැරිව අභිමානයෙන් ගමන් කරනු ඇත.