සමස්ථ ව්‍යුහය.....ඈත අතිතයේ සිට.


පෙරදිග ලෝකයේ රටවල දෙවන ලෝක යුද්ධයෙන් පසු යුගය තීරණාත්මක විය.එක් අතකින් ලෝක අධිරාජ්‍යවාදයේ යටත්විජිතවාදී ක්‍රමය බිද වැටිමද අනෙක් අතින් පෙරදිග ලෝකයේ රටවල ජාතික විමුක්ති ව්‍යාපාර ශක්තිමත්වීමද සිදු වු අතර ලෝකයේ බොහෝ ජාතීන් නව සංවර්ධන මාවතකට ප්‍රවිෂ්ඨ වීම ද සනිටුහන් කළේය.එම යුගයේ ලෝකයේ සමස්ත මුහුණුවර ලෝක ධනවාදය සහ සමාජවාදය අතර වු සහ සම්බන්ධතාව මත නීර්ණය විය.ලෝක අධිරාජ්‍යවාදයේ යටත්විජිතවාදී පාලනයෙන් නිදහස ලබාගත් සියලුම රටවල හමුවේ වු ප්‍රබලතම අභියෝග වුයේ එය ජනතාවගේ සමාජ,ආර්ථික,දේශපාලනික,සංස්කෘතික සංවර්ධනය සාක්ෂාත්මක ගැනීමෙහිලා අවශ්‍ය ප්‍රතිපත්ති සහ සැලසුම් සම්පාදනය කර ගැනීමය.

ර්‍ශ්‍ර ලංකාවේ බණ්ඩාරනායක යුගය සමග ආරම්භ වන්නේ ද මෙම ලෝක සමාජ දේශපාලනික යථාර්ථයට දක්වන ලද ප්‍රතිචාරයයි.බටහිර අධිරාජ්‍යවාදයේ යටත් විජිත පාලන ක්‍රමය මගින් අප වෙත ඉතිරි කර ගිය සමාජ ආර්ථික දේශපාලන අභියෝගවට මුහුණදීම සදහා සමාජ ප්‍රජාත්‍රන්තික හා මහජන සේවා කේන්ද්‍රිය ප්‍රතිපත්ති කෙරෙහි දැඩි විශ්වාසය තැබීය.මේ සංකල්පය තුළ ර්‍ශ්‍ර ලංකාවේ ජනසතු ව්‍යපාරය ආරම්භ වීම කැපි පෙනෙන කාරණයකි.බැංකු,සන්නිවේදනය,අධ්‍යපනය,සෞඛය ආදී අංශ රාජ්‍ය අයිතිය යටතට ගැනීම ජනසතු කිරීම යන්නෙන් අදහස් වේ.විශේෂයෙන්ම 1958 ජනවාරි 01 දා සිට ලංකාවේ මර්‍ග බස් ප්‍රවාහන සේවය ජනසතු කිරීම පශ්චාත් නිදහස් ලංකාවේ ඉතිහාසයේ පමණක් නොව නුතන ලංකා ඉතිහාසයේ අතිශයින්ම වැදගත් සන්ධිසථානයක් සනිටුහන් කරන්නේය.
                                                           1956 බලයට පත් වු මහජන එක්සත්,පෙරමුණු රජය ඊට පෙර බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය රජයට වඩා වෙනස් සමාජ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරිමින් නව සංවර්ධන ප්‍රෙව්ශයක් හදුන්වා දුන්නේය.ඒ අතර ජනසතු ව්‍යාපාරය මුල් තැනක් ගත් අතර එය ලාංකේය සමාජ ආර්ථික සහ දේශපාලන සංස්කෘතික වර්ධනයට නව මුහුණුවරක් ලබා දුන්නේය.ලංකාවේ බස් ප්‍රවාහන සේවය ආරම්භ වන්නේ 1905 සිට වන අතර එය 1958 වසරේ ජනසතු කරන තෙක්ම පෞද්ගලික අංශය සතුව ක්‍රියාත්මක විය.පෞද්ගලික අංශය සතුව පැවති මර්‍ග බස් ප්‍රවාහන සේවාව සංකේය සමාජය සංවර්ධනය හා පොදු ජන මර්‍ග අවශ්‍යතා විධිමත්ව හා නිසි පරිදි ඉෂ්ට කිරීමට අසමත් විය.මේ නිසා ලාංකේය සමාජයේ ඓතිහාසික අවශ්‍යතාවයක ප්‍රතිඵලයක් ලෙස මර්‍ග බස් සේවය ජනසතු කිරීමේ අවශ්‍යතාව මතු විය.
                                                                                                                                               1958 මර්‍ග බස් ප්‍රවාහන සේවය ජනසතු කිරිමෙන් අනතුරුව ලංකාවේ මර්‍ග බස් ප්‍රවාහන සේවයේ නව යුගයක් ආරම්භ වන අතර එය දස ලක්ෂ සංඛ්‍යාත මහජනයාගේ අතිශය ප්‍රසාදයටද ලක් වන්නේය.මර්‍ග බස් සේවය ජනසතු කිරීමෙන් පසුව එය වේගවත් සංවර්ධනයක් කරා ගමන් කරා ගමන් කළේය.එය වඩාත් විධිමත් වු අතර පොදු ජන අවශ්‍යතා නියෝජනය කළේය.1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජයේ ක්‍රියාත්මක වු නව ලිබරල් දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිය යටතේ පොදු ජන මර්‍ග ප්‍රවාහන සේවය (ලංකා ගමනා ගමන මණ්ඩලය)  පෞද්ගලිකකරණය ආරම්භ වු අතර එතැන් පටන් ලංකේය මර්‍ග බස් සේවය කඩා වැටීම ආරම්භ විය.එහි මහජන සේවය පසෙකලා හුදු ලාභය අරමණු කොට ගෙන ක්‍රියාත්මක වන්නය විය.1958 සිට නව ලිබරල් ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වු දශක දෙකක පාලන කාළය තුළදී ලංකා ගමනා ගමන මණ්ඩලය ආශ්‍රිතව පොදු සංස්කෘතියක් ලොඩ නැගුනේය.එය පොදු අවශ්‍යතා සහ වුවමනාවන් කේන්ද්‍ර කොටගත් පොදු ජන හිතවාදී සංස්කෘතියක් විය.
                                            වර්තමානයේදී වුවත් ලංගම යන සංකල්පය පොදු ජන විඥානය තුළ ධනාත්මක වුද ශ්‍රී ලංකීය මගී ප්‍රවාහන බස් සේවයේ සෞභාග්‍යමත් යුගයක් පිළිබදව උද්‍රර මතකයක් ඇති කරන්නේය.ලංගමය ආශ්‍රිතව සුවිශේෂ වු ආකල්ප,පුරුෂාර්ථ,හර,චාරිත්‍ර වාරිත්‍ර සහ ඇගයීම් පද්ධතියක් නිර්මාණය විය.ලංගමයට ඉහළ සමාජයීය වටිනාකමක් පැවතියේය.ඇත්ත වශයෙන්ම එය විනාශ වීම පොදු ජන අභිලාෂයන්ට පටහැනිව සිදුවුවකි.දශක දෙකක කාලයක් තුළදී ලංගම පොදු ජන මර්‍ග ප්‍රවාහන අවශතා සම්පුර්නයෙන්ම ඉටු කිරිමට සමත් මුඑ දිවයින පුරාම ව්‍යාප්ත වු විධිමත් මර්‍ග ප්‍රවාහන පද්දතියක් බවට පත් වී තිබුණු බව ප්‍රත්‍යක්ෂ කරුණකි.1958-1977 දක්වා මර්‍ග ප්‍රවාහන සේවාව සදහා යොදා ගන්නා ලද්දේ ලංගම බස් ධාවනයයි.මෙම කාළ පරාසය තුළ ලංගම යම් නිශ්චිත සැලසුම් සහගත මට්ටමකට පත්වා තිබුණි.
වර්තමානයේ රාඡ්‍ය ආයතනවලට (රාඡ්‍ය අංශයට) නැගෙන ජනප්‍රිය චෝදනාවක් වී ඇත්තේ ඒවා පාඩු ලබමින් මහජන මුදලින් පවත්වාගෙන යන බවයි.මෙය ජනප්‍රිය තර්තයක් වන අතර එය වඩාත් සක්‍රියව ක්‍රියාත්මක වන්නට වුයේ 1977 නව ලිබරල් ආර්ථීක දේශපාලන ප්‍රතිතත්තිවලට සමගාමිවය.නමුත් රටක් සමාජයක් වශයෙන් මෙම තර්කයට අනුව කටයුතු කිරීම ඉතා ගැටලු සහගත වන අතර විනාශකාරී ප්‍රතිඵල ගෙන දිය හැකිය.
           ලංගමය සමහර වර්ෂවලදී පාඩු ලබා ඇතත් එය සම්පුර්ණයෙන්ම ලාභ නොලබන ආයතනයක් නොවීය.ශ්‍රී ලාංකේය ආර්ථිකය තුළ ක්‍රියාත්මක වන ලංගමය තනි ආයතනයක් ලෙස පමණක් ගෙන එහි ආර්ථික කාර්යක්ෂමතාව පිළිබදව පමණක් සැළකිලිමත්වීම වැරදි සහගතය.ලංගමය ශ්‍රී ලාංකේය ආර්ථික හා සමාජයීය ඡිවිතය පවත්වාගෙන යාමටත්,රටේ වෙනත් ආයතනවල කාර්යක්ෂමතාව පවත්වාගෙන යාමටත් අතිවිශාල වශයෙන් දායක වු මහජන ප්‍රවාහන සේවා ආයතනයකි.සමහර වසර වලදී අලාභ ලැබුවත් දැන් ලංගම ලාභ ලබන ආයතනයත් බවට පත් වී ඇත.ලංගම ශ්‍රී ලාංකික සමාජයීය සහ රාජ්‍ය කාර්යක්ෂමතාව පවත්වාගෙන යාම සදහා සුවීශාල දායකත්වයක් සපයන ලදී.
                                                                                                                                  වර්ථමානයේ අප රට තුළ මර්‍ග බස් ප්‍රවාහන කේෂත්‍රෙය විශාල කොටසක් නියෝජනය කරනුයේ පෞද්ගලික බස් සේවා ව්‍යාපාරයයි.පෞද්ගලික බස් මර්‍ග ප්‍රවාහනය ව්‍යාපාරයක් වශයෙන්ම පවත්වාගෙන යනවා මිස එහි පොදු සේවා අරමුණු දක්නට නොලැබේ.එය වඩාත් සැලකිලිමත් වන්නේ හුදු ආර්ථික ලාභය මිස සමාජයීය කාර්යක්ෂමතාව නොවේ.මේ නිසාම වර්තමානයේ පෞද්ගලික බස් ප්‍රවාහන ව්‍යාපාරයට පොදු ජනතාවගෙන් එල්ලවන දෝෂාරෝපණ අති විශාලය.මීට හේතුවක් වන්නේ පෞද්ගලික බස් මර්‍ග ප්‍රවාහන ව්‍යාපාරය නියෝජනය කරන බොහෝ කොටස්වලට ඉහල ව්‍යාපාරික විඥානයක් සහ සමාජයීය වගකීමක් රහිත වීමත්ය.ඔව්හු කිසිම ආකාරයකින් නිෂ්පාදන ආර්ථිකයට හෝ ඊට සමගාමි උසස් ව්‍යපාරික සම්ප්‍රදායකට උරුමකම් නොකියන හුදු වාණිජ ප්‍රාග්ධනය නියෝජනය කරන එක්තරා පිරිසක් වුහ.
                                                                             ශ්‍රී ලාංකීය මර්‍ග ප්‍රවාහන බස් සේවා ඉතිහාසයේ ස්වර්ණමය යුගය වන්නේ ලංගමය ක්‍රියාත්මක වු 1958-1977 යුගය වන අතර එහි ද 1970 - 1975 කාළය අති සාර්ථක කාළ පරිච්ජේදයක් වශයෙන් ඉතිහාසයට එක් වන්නේය.වර්ථමාන ශ්‍රී ලංකේය මර්‍ග බස් ප්‍රවාහන සේවාව පිළිබද කල්පනා කිරිමේදී ලංගම යුගය සිහිනයක් ලෙස ලෙනී යනු ඇත.ලංගමය ශ්‍රී ලාංකේය බිහි වු අහඹු වුවද,හුදකලා වුවද,සංසිද්ධියක් නොවන්නේය.එය අදාළ යුගයේ සමාජ,ආර්ථික,දේශපාලන හා රාජ්‍ය ප්‍රතිපත්තියේ සෘජු ක්‍රියාකාරිත්වයේ ප්‍රථිඵලයකි.එදා ලංගමය අදාල සමාජ ආර්ථික ව්‍යුහයේ ගති ලක්ෂන පිළිබිඹු කළේය.එසේම 1977 න් පසු ලංගමය කඩා වැටීම හුදු අහඹු හෝ හුදකලා වු ප්‍රපංචයක් නොවන අතර එය 1977 න් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන්නට යෙදුන නව ලිබරල් සමාජ ආර්ථික ප්‍රතිපත්තිය සමග අවියෝජනීයව සම්බන්ධය.එම නිසා ශ්‍රී ලංකාව තුළ මහජන සේවා මර්‍ග බස් ප්‍රවාහනය සේවාවක් ගොඩ නැගීම හුදු පුද්ගලික හෝ තනි ආයතිනක ප්‍රශ්නයක් නොව එය සමාජයීය හා ව්‍යුහීය ප්‍රශ්නයකි.එහෙත් අද වන විට ලංගම ප්‍රගතියක් පෙන්වන ආයතයයක් බවට පත් වී ඇත.  

ලංගමට 50 යි..........කෘතියෙනි.



Post a Comment

0 Comments