ශ්‍රී ලංගම තුළින් මගී ප්‍රවාහනයේ දී ලැබෙන වරප්‍රසාද
1958 වසරේ ජනවාරි 01 දීන 22 ශ්‍රී 1087 බස් රථයෙන් තම ගමන් මග ඇරඔු ශ්‍රී ලංගමය තම අතීත වික්‍රමයන් මත නොරැදී අදත් හෙටත් ජාතියේ ගමන් සගයා ලෙස සමාජය සදහා වර්තමානය වන විට දෛනිකව සිදු කරනු ප්‍රවහාන සේවාද තම මුල්‍යයම ලාභය නොසලකා හරිමින් සැපයිමට ඉදිරිපත්ව ඇත.මෙම දෛනික ධාවන කටයුතු සියල්ලම කිරිම සදහා ශ්‍රී ලංගම සතුව ඇතතේ බස් රථ 5963 ක බස් රථ ඇණියක් වුවත් මෙයින් දිනකට ධාවනය වන බස් රථ ප්‍රමාණය වනුයේ 5242 කී.එ මෙන්ම දිකට ධාවනය වන කිලෝ මිටර් ප්‍රමාණය දළ වශයෙන් 446,287,644 පමණ වේ.
1.අලුයම ප්‍රථම හා රාත්‍රී අවසන් ගමන් වාර ධාවනය.
2.ග්‍රාමීය ප්‍රදේශයන්හි බස් රථ ධාවනය
3.පාසැල් සේවා බස් රථ ධාවනය
4.ජාතික උත්සව අවස්ථාවල සිදු කරනු ලබන බස් රථ ධාවනය
5.වාර ප්‍රවේශ පත්‍ර සේවා
6.අධිවේගි මාර්ගයන් තුළ ප්‍රවාහන සේවා
7.සමාන්තර මගී සේවා හදිසි බිද වැටීම් වලදි ශ්‍රී ලංගම සේවා
1.අලුයම ප්‍රථම හා රාත්‍රී අවසන් ගමන් වාර ධාවනය.
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රෙද්ශයක්ම ආවරණය වන පරිදි අලුයම ප්‍රථම හා රාත්‍රී අවසන් ගමන් වාර සැපයීම තුළින් රටේ ආර්ථීකයේ ශ්‍රම බලකාය වැඩි වන නමුත්,මෙම සේවාව මගින් ශ්‍රි ලංගමයට අතීතයේ සිට හිමිවි ඇති ලාභයක් නොමැති තරම් වෙි.නමුත් ශ්‍රී ලංගම සිදු කරනු ලබන තවත් සමාජියීය වගකිමක් ලෙස සලකා මෙම සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වෙි.
2.ග්‍රාමීය ප්‍රදේශයන්හි බස් රථ ධාවනය.
ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම සදහා ගම හා නගරය යා කිරිමේ ප්‍රබලතම ගමනා ගමන මාධ්‍ය ලෙස ක්‍රියාත්මක වන සේවාද අලභදායි තත්ත්වයන් යටතේ සිදු කරයි.මෙම සේවා සැපයිම මෙහෙයුම් වියදම්වත් ආවරණය කර ගැනිමට නොහැකි වුවත් මෙම සේවාව සැපයිම ශ්‍රී ලංගම තුළින් ක්‍රියාත්මක වෙි.
3.පාසැල් සේවා බස් රථ ධාවනය.
ශ්‍රී ලංගමය මගින් දරණ බරපැන තුළින් දැයේ හෙට දිනය වෙනුවෙන් සමාජ ප්‍රතිලාභ ඇති කිරීමට කටයුතු කරණු ලබයි.ඒ අනුව මගී තදබදය අධික සහ ලාභ ඉපයීම සිදු කර ගත හාකි අවස්ථා රැසක් අහිමි කරගනිමින් වුවද ලංගමය සතුව ඇති සීමිත බස් ඇණිය තුළ වැඩි ඉඩ කඩක් දැයේ අනාගත පරපුර වන පාසල් සිසු දරු දැරියන් නියම්ත වේලාවට පාසල් වලට ගෙන යාම සහ නිවසට ගෙන ඒම සදහා වෙන් කර ඇති අතර මෙය ද ශ්‍රි ලංගමයේ මහත් මෙහෙවරකි.
4.ජාතික උත්සව අවස්ථාවල සිදු කරනු ලබන බස් රථ ධාවනය.
සිංහල හිංදු අලුත් අවුරුදු උත්සවය වෙසක් හා පොසොන් උත්සවය,මහනුවර හා කතරගම ඇසළ පෙරහැර උත්සවය,වාර්ෂික මඩු හා තලවිල මංගල්‍ය,ශ්‍රී පාද වන්දනා සමය වැනි ආගමික වශයෙන් වැදගත් දිනයන් සදහා සිදු කරනු විශේෂ බස් රථ සේවා ද ශ්‍රී ලංගම තුළින් ක්‍රියාත්මක වෙි.
5.වාර ප්‍රවේශ පත්‍ර සේවා.
පාසැල්,විශ්ව විද්‍යාල හා වැඩිහිටි වශයෙන් වෙන් කරමින් විවිධ මට්ටම් තුළින් ප්‍රවාහන අවශතා ලබා දීමට ශ්‍රී ලංගමය තුළින් ගෙන ඇති ක්‍රියා මාර්ග මගින් රටේ සිටින මර්‍ග ජනතාවට අර්ථික වශයෙන් සහන සැලසිම ද ශ්‍රී ලංගම තුළින් ක්‍රියාත්මක වෙි.
6.අධිවේගි මාර්ගයන් තුළ ප්‍රවාහන සේවා.
අධිවේගී මාර්ග පද්දතිය තුළ ධාවනය කිරිමට නිර්දේශිත බස් රථ යොදා ගනිමින් මර්‍ග ප්‍රවාහන කටයුතුවල නියැලීමට ශ්‍රී ලංගමය සමත්වී ඇත.ඒ අනුව වර්ථමානයේ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග හරහා ගමන් කරනු ලබන අපගේ සුඛෝපභෝගී බස් රථ පද්ධතිය නවීන ලොකයට රිසිසේ ලංගම තුළින් සකස් කර ඇති බව පෙනේ.
7.සමාන්තර මගී සේවා හදිසි බිද වැටීම් වලදි ශ්‍රී ලංගම සේවා.
සමාන්තර ප්‍රවහාන සේවාවන්හී විටින් විට සිදු වන විවිධ අඩපන විම් තුළ අසරණ වන මර්‍ග ජනතාවට විශේෂ සහන සපයන්නේද ශ්‍රී ලංගමයයි.ශ්‍රී ලංගම සතුව ඇති රථ ඇණිය ගමේත් නගරයෙත් ධාවනය කරමින් විවිධ අවස්ථා වලදී අසරණ වන ජනතාවට ප්‍රවහාන පහසුකම් සලසයි.
0 Comments