ලංගම 63 අභි­යස


බස් මගී ගම­නා­ග­මන වංශ කතාවේ නොමැ­කෙන ශ්‍රී ලාංකික සල­කුණ ලංගම අකුරු අතරේ දෝල­නය වන්නකි. එය දශක හය­කට අධික කාල පරා­සය පුරා මෙරට ජනතා මෙහෙ­ව­රක නියැ­ලෙ­මින් සිය හැට­දෙ­වෙනි ජන්ම දිනය සම­ර­නුයේ ජාතියේ ගමන් සගයා වීම පිළි­බඳ අභි­මා­න­යෙනි. වත්මන් තරුණ පර­පුර එහි ප්‍රභ­වය හා විකා­ශ­නය කෙසේ සිදු­වීද යන්න දැනු­වත්වී ඇත්තේ මද වශ­යෙනි.

50 දශ­කයේ අග­භා­ගය වන විට දිව­යිනේ බස් මගී ගමනා ගම­නයේ පොල්මං­ක­රු­වන් වී සිටියේ බස් මුද­ලා­ලිලා කිහි­ප­දෙ­නෙක් වූ අතර එය සේව­යට වඩා ලාභ ඉප­යීමේ පර­මා­ර්ථ­යෙන් පව­ත්වා­ගෙන යන ලද්දකි. මේ නිසා ජන­තාව විවිධ පීඩා­වන්ට පත් වෙමින් ප්‍රවා­හන දුෂ්ක­රතා රැස­කට මුහුණ පෑවේය. එසේම බස් සේවක කණ්ඩා­ය­ම්ව­ලට හා එකී ක්ෂේත්‍රයේ නියැළි සේව­ක­යින්ට වෘත්තීය අයි­ති­වා­සි­කම් හෝ රැකි­යාවේ සුර­ක්ෂි­ත­භා­ව­යක් දක්නට නොවීය. මෙම තත්ත්වය සම­නය කිරීම සඳහා ජන­හි­ත­කාමී බස් සේව­යක අව­ශ්‍ය­තා­වය දැඩිව මතුව ඒම ලංගම බීජයේ උපත විය. 1956 බල­යට පත් රජයේ ගරු අග්‍රා­මාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩා­ර­නා­යක ශ්‍රීම­තා­ණන් විසින් 1957 අංක 48 දරන මෝටර් රථ ගම­නා­ග­මන පනත පාර්ලි­මේ­න්තුවේ සම්මත කර ගැනී­මෙන් පසුව 1958 ජන­වාරි 01 වන දින ප්‍රථම ජන­සතු ව්‍යාපා­රය ලෙස ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය ස්ථාපිත කරනු ලැබීය.

මෙය පිහි­ටු­වීමේ උදාර පර­මා­ර්ථ­යන් වූයේ පැවති අවි­ධි­මත් පීඩා­කාරී බස් සේවාව වෙනු­වට ජන­හි­ත­කාමී කාර්ය­ක්ෂම හා විශ්වා­ස­දා­යක වූ ගුණා­ත්මක වූත් බස් සේවා­වක් සැල­සී­මත් බස් රථ සේව­ක­යින්ගේ වෘත්තීය අයි­ති­වා­සි­කම් ලබා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවී­මත් ය. මෙය පිහි­ටු­වී­මේදී මහා බ්‍රිතා­න්‍යයේ ලන්ඩන් ප්‍රවා­හන සේවයේ ව්‍යූහ­යන් අධ්‍ය­ය­නය කර රජයේ එව­කට සිටි දක්ෂ­තම නිල­ධා­රීන්ගේ සහය ලබා ගනි­මින් සිය­ලුම පරි­පා­ලන කට­යුතු සඳහා පත් කරන ලදී. එකී පූර්ව­ගා­මීන් විසින් දමන ලද ශක්ති­මත් අත්ති­වා­රම නිසා ම එය කිසිදු අව­ස්ථා­වක කඩා බිඳ දැමීම අප­හසු විය.

පැවති බස් සමා­ගම් 77 ක් සතුව තිබූ බස් රථ 2700 ක් එක් දිනක් තුළදී පවරා ගෙන ඒවා ලංග­මය සතු කරන ලද අතර රික්තය පිර­වීම සඳහා දෙම­හල් බස්රථ ඇතුළු තනි තට්ටුවේ බස් රථ රාශි­යක් වහාම ආන­ය­නය කර ලංගම රථ ඇණිය ශක්ති­මත් කිරී­මට පිය­වර ගත් බැවින් බස් මගී ගමනා ගම­නයේ නව පිබි­දී­මක් ඇති විය.

නාරා­හේ­න්පිට, කිරුල පාරේ පිහිටි මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුව සතු ගොඩ­නැ­ගිල්ල ලබා­ගෙන ලංගම මහ ගෙදර එහි ස්ථාප­නය කරන ලද අතර දිව­යිනේ සෑම ප්‍රධාන නග­ර­යක්ම ආව­ර­ණය වනසේ බස් ඩිපෝ­වෙන් ප්‍රාදේ­ශීය පාලන ඒක­ක­යක්, බස් නැව­තුම් පොළ­වල් ඇති කිරී­මත් කොළඹ මහ නගර සභාව සතුව තිබූ පැරණි ට්‍රෑම් කාර් ගරා­ජය පිහිටි කොටස අත් කර­ගෙන එහි මධ්‍යම බස් රථ කාර්යා­ලය පිහි­ටුවා මුළු දිව­යි­නම ආව­ර­ණය වන පරිදි දුර ගමන් සේවා ධාව­නය කිරීම ගම් නියම් ගම් පුරා බස් සේවාව ව්‍යාප්ත කිරී­මට පිය­වර ගත් අතර ඒ සඳහා අවශ්‍ය යටි­තල පහ­සු­කම්ද කඩි­න­මින් සැක­සින. වේර­හැර අක්කර 67 ක් පුරා විහිදී ගිය භූමියේ වේර­හැර මධම බස් රථ වැඩ පොල ආරම්භ කර බස් බොඩි සැක­සීම, කට්ටල්, උප කට්ටල් අම­තර කොටස් බෙදා හැරීම තුළින් රථ ඇනිය නඩ­ත්තු­වට අවශ්‍ය පහ­සු­කම් වැඩි කරන ලදී. පුහුණු කාර්මික ශ්‍රමය ලබා ගැනීම සඳහා ජර්මානු කාර්මික අධ්‍යා­පන අභ්‍යාස ආය­ත­නය පිහි­ටුවා අවශ්‍ය කාර්මි­ක­යින් ලබා දීම සිදු විය. රිය­දුරු අභ්‍යාස විද්‍යාල ඇති කර දක්ෂ රිය­දු­රන් බිහි කර කෘත්‍යා­ධි­කාරි ආය­තන ඇති කර පරි­පා­ලන හා කාර්ය මණ්ඩල පුහුණු කිරීම, සේවක විවේ­කා­ගාර, සංචා­රක නිවාස පිහි­ටුවා සේවක සුබ­සා­ධ­නය සඳහා නුගේ­ගොඩ, ගිංතොට, මහ­නු­වර වෛද්‍ය මධ්‍ය­ස්ථාන පිහි­ටු­වන ලදී. සේව­ක­යින්ගේ ක්‍රීඩා කෞශල්‍ය වර්ධ­නය කර ගැනීම සඳහා ශාලිකා ක්‍රීඩා සංකී­ර්ණය ඇති කිරීම තුළින් ජාත්‍ය­න්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් රැසක්ද දැයට දායාද කර ඇත.

සිය සමාජ වග­කීම් නිසි පරිදි තේරුම් ගනි­මින් පාසල් සිසුන් සඳහා සහ­න­දායී මිලට වාර ප්‍රවේ­ශ­පත් ලබා දී නිද­හස් අධ්‍යා­ප­නයේ ඵල නෙළා ගැනී­මට දාය­ක­ත්වය සප­යන ලද අතර ජාතික වැද­ග­ත්ක­මක් සහිත උත්සව වලදී විශේෂ බස් සේවා සැප­යීම, ත්‍රිවිධ හමු­දාව සහ පොලිස් සේවයේ අව­ශ්‍යතා සඳහා ප්‍රවා­හන පහ­සු­කම් හා ගමන් අව­සර පත්‍ර සැප­යීම්, සෑම මැති­ව­ර­ණ­ය­ක­දීම මැති­ව­රණ සේවා­වන් සඳහා අවශ්‍ය බස් සේවා සැප­යීම, පාසල් ගම­න්වාර ධාව­නය කිරීම, බස් ගම­න්වාර උප­යෝගී කර ගනි­මින් දිව­යින පුරා තැපැල් ප්‍රවා­හන සේවා­වන්, පුවත් පත් ප්‍රවා­හන කිරීම මගී අව­ශ්‍ය­තා­වය හඳුනා ගනි­මින් දිවා රාත්‍රී බස් සේවා සැප­යීම විධි­මත්ව සිදු කරන ලදී. මේ නිසා ලංගම ජන­ජී­ව­ත­යට සමීප විය.

බල­යට පත් සෑම රජ­යක්ම මෙම ආය­ත­නයේ අභි­වෘ­ද්ධි­යට වටිනා දාය­ක­ත්ව­යක් සැප­යීම එය ඉදි­රි­යට ගෙන යෑමට උප­කාර විය. 1970 – 1975 කාලයේ ලංග­මයේ මුල් පුටුව හෙබ වූ අභා­ව­ප්‍රාප්ත අනිල් මුණ­සිංහ මහතා මෙම ආය­ත­නය දියුණු කිරීම සඳහා කැප­වී­ම­කින් ක්‍රියා කළ බැවින් මෙම අව­ධි­යේදී ලංගම සතු වත්කම් හා දේපළ වඩාත් ඉහළ මට්ට­මක පැව­තුණි. එකී කාලය ලංගම ස්වර්ණ­මය යුගය ලෙස සට­හන් වී තිබේ. 1977 වසර වන විට රථ ඇණිය 7300 ක් ඉක්මවා සමස්ත සේවක සංඛ්‍යාව ( 54 000) පනස් හතර දහ­සක් පමණ වූ දැවැන්ත රාජ්‍ය ආය­ත­න­යක් බවට පත්ව තිබුණි.

ඉක්බි­තිව 1977 නව රජය මඟින් හඳු­න්වා­දුන් නිද­හස් විවෘත ආර්ථික ප්‍රති­පත්ති නිසා තර­ග­කාරී වෙළෙඳ පොල නිර්මා­ණය වීමත් 1978 දී පෞද්ග­ලික බස් රථ ධාව­ක­යින්ට අව­සර දීම නිසා ලංගම සතුව පැවති බස් මගී ප්‍රවා­හන ඒකා­ධි­කා­රය අව­සන් විය. තර­ඟ­කා­රී­ත්ව­යට මුහුණ දීමට හැකි පරිදි ශක්ති­මත් බවක් නොති­බී­මත් වඩාත් ප්‍රසා­ර­ණය වූ දැඩි මගී ඉල්ලු­මට සරි­ලන සේවා­වක් ලබා දිය හැකි ඉදිරි දැක්මක් සහිත වැඩ පිළි­වෙ­ළක් නොමැති වීම, විවිධ හේතුන් නිසා ආය­ත­නයේ සිටි දක්ෂ ඉංජි­නේරු, පරි­පා­ලන ක්ෂේත්‍ර­වල සිටි අය ඉවත්ව යෑම, නුසු­දුසු අය හට වග­කීම් පැව­රීම යන වැනි කාරණා නිසා ලංග­මයේ ගමන් මග යම් පසු­බෑ­ම­කට ලක් වූ අතර ව්‍යූහා­ත්මක වෙන­ස්කම් රාශි­යක්ද ඇති විය.

එතෙක් මධ්‍ය­ගත ආය­ත­න­යක් ලෙස පැවති ලංගම 1978 අංක 15 දරන ගම­නා­ග­මන මණ්ඩල පනත මඟින් ප්‍රාදේ­ශීය ගම­නා­ග­මන මණ්ඩල 10 ට බෙදා විම­ධ්‍ය­ගත කරන ලද අතර 80 භාග­යේදී ඇති වූ නොස­න්සු­න්කාරී වාතා­ව­ර­ණය නිසා ලංගම දේපළ වලට බර­ප­තල ලෙස හානි ඇති විය. 1887 ඉන්දු ලංකා ගිවි­සුම අත්සන් කළ රාත්‍රියේ ලංගම බස් රථ විශාල ප්‍රමා­ණ­යක් ගිනි තබා විනාශ කිරී­මත් ගොඩ­නැ­ගිලි හානි­යට පත් වීමත් අප්‍ර­සන්න සිදු­වීම්ය. කල­බ­ල­කාරී සිදු­වීම් නිසා සේව­ක­යින් බොහෝ දෙනෙ­කුගේ ජීවිත පවා අහිමි විය. එකී වාතා­ව­ර­ණය තුළ ලංගම යළි ගොඩ­නැ­ගිය ‍නොහැකි අයු­රින් ඔත්පල වී මහා භාණ්ඩා­ගා­ර­යෙන් යැපෙන තත්ත්ව­යට පත්විය.

1991 දී ලෝක බැංකු ආධාර මත මගී ප්‍රවා­හන සේවා වැඩි­දි­යුණු කිරීමේ ව්‍යාපෘ­තිය යටතේ සියලු බස් ඩිපෝ­වන් ජනතා සන්තක බස් රථ සමා­ගම් බවට පත් කර වේර­හැර ප්‍රධාන වැඩ පොල පෞද්ග­ලි­ක­ක­ර­ණ­යට ලක් කරන ලදී. 1987 අංක 23 දරන රාජ්‍ය ආය­තන පොදු සමා­ගම් බවට පත්කි­රීමේ පනත යටතේ සිදු කරන ලද මෙම ක්‍රියා­ව­ලිය ලංගම ජන­තා­ක­ර­ණය කිරීම ලෙස අර්ථ ගැන්වීය. ආර­ම්භ­යේදී මෙහි සුබ­වාදී ලක්ෂ­ණ­යන් පෙන්නු­වද පසු කාලී­නව ඒවා අසා­ර්ථක තත්ත්යට පත්විය. නැව­තත් 1991 අංක 31 දරන ගම­නා­ග­මන කොමි­සන් සභා පනත හා 1996 අංක 30 දරන සංශෝ­ධන මගින් නැවත ජනතා සන්තක බස් සමා­ගම් 93 පොකුරු බස් සමා­ගම් 12 ක් බවට පත් කරන ලදී. කෙසේ වුවද 2005 වසර වන විට බලයේ සිටි රජ­යට පෙනී ගියේ ලංගම මධ්‍ය­ගත ආය­ත­න­යක් ලෙස පව­ත්වා­ගෙන යා යුතු බවයි. ඒඅ­නුව 2005 අංක 27 දරන ගම­නා­ග­මන මණ්ඩ­ලය නැවත පිහි­ටු­වීමේ පනත මගින් 2005/10/19 වන දින සිට නැවත ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය ලෙස ‍මේ දක්වා ක්‍රියා­ත්මක වේ.

2005 සිට මේ දක්වා එය ඉදි­රි­ගාමී මාව­ත­කට අව­තීර්ණ වෙමින් වර්ත­මා­න­යේදී රථ ඇණිය 5800 දක්වා වැඩි කර ගැනී­මට සමත්ව තිබේ. දිව­යිනේ මාර්ග පද්ධ­තිය පුළුල් වීම හා නව අධි­වේගී මාර්ග ඉදි­වීම හා මගී අව­ශ්‍ය­තා­ව­යන් මනාව හඳු­නා­ග­නි­මින් අධි­වේගී මාර්ග­යන්හි නවීන සුඛෝ­ප­භෝගී බස් රථ ධාව­නයේ යෙදීම සිදු කෙරෙන්නේ පෞද්ග­ලික බස් ධාව­ක­යින්ගේ තර­ග­කා­රී­ත්ව­යට මුහුණ දෙමින්ය. පසු­ගි­යදා මෙම සේවා­වන් සඳහා උසස් ප්‍රමි­ති­යෙන් යුත් නවීන අංග උපාංග වලින් යුත් බස්රථ රාශි­යක් ධාව­න­යට එක් කර ඇත. එසේම ඉන්දි­යානු ණය ආධාර ක්‍රමය යටතේ නව බස් රථ රාශි­යක් බස් ධාව­න­යට එක් කර ඇති අතර දුර ගමන් සේවා සාර්ථ­කව ධාව­නය කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා­ව­ලට අනුව මේ වන විට ලංගම මෙහෙ­යුම් අලාභ අවම කර ඇති අතර මිලි­යන එක්ද­හස් හය­සිය අසූ එකක ලාභ­යක් වාර්තා කර ඇත. දෛනි­කව කිලෝ­මී­ටර් මිලි­යන 14 ක් ධාව­නය කර­මින් දෛනික ආදා­යම මිලි­යන 100 ඉක්මවා යෑමට හැකි­වීම සතු­ටට කරු­ණකි.

මහ­මග පවත්නා අධික වාහන තද­බ­දය අවම කළ හැක්කේ පොදු ප්‍රවා­හන සේවා ශක්ති­මත් කිරීම තුළින් බව පිළි­ගත් මූල­ධ­ර්ම­යකි. එබැ­වින් රාජ්‍ය අංශයේ බස් සේවා වැඩි දියුණු කිරීම කාලීන අව­ශ්‍ය­තා­ව­යක් වේ. රාජ්‍ය ආය­තන පෞද්ග­ලි­ක­ක­ර­ණ­ය­කින් තොරව පව­ත්වා­ගෙන යාමත්, ඒවා මෙහෙ­ය­වීම සඳහා දක්ෂතා හෙබි වෘත්තී­ය­වේ­දීන් මුල් පුටු­ව­ලට පත් කිරීම වත්මන් රජයේ ප්‍රති­ප­ත්තිය වන බැවින් එය ලංග­ම­යට ද අදාළ වනු ඇත යන්න ජනතා අපේ­ක්ෂා­වයි.

සිරි­ලක දස දෙස සැරි­ස­රනා

ඔබ කැටුව ගමන් යනෙනා

ලංගම සැමදා ඔබගේ යානය වේ

ලංකා මවු­නට නිබ­දව ප්‍රාණය දේ

බී.එම්.අයි.සී.ගුණ­ව­ර්ධන

ශ්‍රී ලංකා ගමනා ගමන බල මණ්ඩ­ලයේ

විශ්‍රා­මික නියෝජ්‍ය මානව සම්පත්

කළ­ම­නා­කරු


  • Dec 31, 2019
  • |
  • Dinamina

Post a Comment

0 Comments